ජ පුර දැන් මනරම්ය . . .

අද මම හුඟ කලෙකින් පුර වි.වි. එකට ගියා. අවසාන වතාවට මම එහි ගියේ ඔවුන්ගේ අර ප්රදර්ශණයක් තිබුණේ . . . අන්න එය පටන් ගත් දිනයට පෙර දිනයේදි . . .

එදින මේ කැම්පස් ළමයින්  පසුදින ඇරඹෙන ප්රදර්ශණය සඳහා ගිනිරාමෙට වැඩ කරමින් සිටියා. . . එදින මුලු කැම්පස් භූමියම පිස්සන් කොටුවක් සේය දිස් වුනේ . . .සැම තැනම එක එක අටමගලවල් බාගෙට අටවාගෙන හදමින් සිටි අතර භූමිය පුරාම අබලි ද්රව්යයන් විසිරී තිබුණා . . .

නමුත් අද මම එහි යනවිට දර්ශනය හාත්පසින්ම වෙනස්. . . වි.වි. භූමිය ඉතා මනරම්ව පැවතුනා. ඉදිරිපස පෙනුම අති අලංකාරයි. ලස්සනට තණකොල කපලා . . ලස්සන මල් ගොමු තැන . . තැන . . හරියට පාක් එකක් වගෙයි . . .

එම දර්ශණය ඇසට හරිම සුව දායකයි. . . ගිනි අව්වේ ඇවිදලා මහන්සි වී සිටි මට ගිම් නිවන දසුනක් වුනා ඒක. මගෙ වැඩේ කරගෙන ආපසු එත්දිත් නැවතිලා . . . බලා ඉඳලයි ආවෙ.

එහෙම ඉඳිත්දි මට මතක් වුනා අපේ ඉඳුරු මල්ලි(ඉන්දරේ) ඉන්නෙ මේකෙ නේද කියලා. එයා ඉන්න පැකල්ටිය මම දැනගෙන උන්නත් . . හමු වුනොත් හොඳයි කියා සිතුණත් . . එසේ කළේ නෑ.

ඔහු මොන තත්වෙක ඉන්නවාද දන්නෙ නැහැනෙ. සමහර විට ඔහුට මාව කරදරයක් විය හැකියි. .  . අනික . . .  වෙලාවෙ ඔහු එහි නොසිටියා වෙන්නත් පුලුවනිනෙ. මදිවට මම හිටියෙ හොඳටම මහන්සි වෙලා , බඩගින්නෙ . . 

ඉතින් හමුවීම පසුවට කල්දාලා ආපසු ගෙදර ආවා .. .. ..

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS
read comments
AD

සින්ඩියට ඇතුලත් වීම

මගේ බ්ලොග් අඩවිය සින්ඩියට ඇතුලත් වීම පිලිබඳ ඉතාම සතුටුයි. මින් ඉදිරියට හැකි අන්දමින් ලිවීමට අදහස් කරමි.
ස්තුතියි.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS
read comments

පොත් කියවීම කොතරම් වටින්නේද…. ?

ඒ කාලයේ අපේ නිවසෙහි බොහෝ පොත් පත් තිබුණි…මට මතක විදිහට.. සුදු වැද්දා, රොබින්සන් කෲසෝ, රොබට් නොක්ස් ගේ ලංකා විස්තරය,රොමාගෙ වාසනාව, ගොගොල් ගේ මළ මිනිස්සු, මක්සිම් ගොර්කිගේ ජීවිත කතාව, කතා සරිත් සාගරය, සහ ඩබ්.ඒ. සිල්වා මහතාගේ නව කතා ද විය.
මම ඉතින් මේවා පැල් බැඳගෙන කියවීමි. මට පොත් කියවීමට..නිවසේ කිසිවකු ගෙන් බාධාවක් ඇති නොවීය.අනික…. අපි එකල.. පාසැල් කටයුතුත්, කෙලි සෙල්ලම් හා විනෝදාංශත් කිසිදාක එකට පටලවා නොගත්තෙමු.
මා හිතන ආකාරයට.. දැන් සිටින වර්තමාන සිසුන් බොහෝ දෙනෙකුට මේ පලපුරුද්ද නැති සෙයකි. ඔවුන් බොහෝ දෙනෙක් විනෝදයට වැඩි තැනක් දෙමින් පාසැල් කටයුතු අඩපණ කර ගනිති.
හරි.. දැන් අපි නැවතත් පොත් කියවීමට යමු..
මේ කාලයේ, අප වාසය කළ මැණික් හින්න නැමති කුඩා නගරයේ මහජන පුස්තකාලයක් විවෘත කිරීමට යෙදුනි. එය පනින රිලවුන්ට ඉනිමං බැඳීමක් හා සමාන වීය. අපි (අපි යනුවෙන් මෙතන අදහස් කළේ.. මාත් මගේ නැගණිය හා මිතුරෙකුත් ය.) පාසැල අවසාන වූ පසු නිවසට පැමිණ.. කෑම කෑවත් නැතත්..(ඒ කාලයේ අපි කෑම ගැන එතරම් බරපතල විදිහට නොසිතුවෙමු.) පුස්තකාලයට දිවීමු. අප කියවූයේ තරඟයට මෙනි.
එම වකවානුවේ එහි පුස්තකාලයාධිපතිනිය වූයේ ඉතාම ගුණ යහපත්,නිහතමානී කාන්තාවකි…අපගේ කියවීම වැඩි දියුණු කර ගැනීම පිණිස ඈ බොහෝ උපකාර කළාය. අප සමග හොඳින් මිතුරු වූ ඇය , නිතරම පුස්තකාලයට ඒමට අපව පෙලඹවූවාය.. ඇය දැන් ජීවතුන් අතරද නැතිද යන්න මම හරියටම නොදනිමි.කෙසේ වුවත් ඇයට මෙහිදී මගේ ගෞරවය හිමි වෙයි.
පළමුව ළමා කතා වලින් පටන් ගත් අපි තරමක් විශාල වූ ග්‍රිම් සහෝදරයන්ගේ සුරංගනා කතා. සින්ඩරෙල්ලා… වැනි කෘතිද.. කියවූයෙමු. අපේ ළමා වයස නිසා.. සමහර සුරංගනා කතා කියවා… මවිතකර ලොවකට පිවිසුන බව මට මතකය. අද වැඩිහිටියන් වී සිටින අපට ඒවා දැන් විහිළු සේ පෙනුනත් කුඩා කාලයේදී ඒවා ඇත්ත මෙන්ය පෙනුනේ. ඇලිස් ගේ විස්මලන්තය කියවත්දී.. ප්‍රමාණයෙන් කුඩා වන්නටත්.. නැවත විශාල වෙන්නටත් හැකි මායා දියර අඩංගු බෝතලයකට මම කෙතරම් ආසා කෙලෙම්ද..?

ඉතිරිය පසුව…

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS
read comments

පොත් කියවීම කොතරම් වටින්නේද…. ?

පොත් කියවීම කොතරම් වටින්නේද…. ?

මම පොත් කියවීම පටන් ගත්තේ ඉතා කුඩා කල සිටය. එකල අපට රූපවාහිනී, රේඩියෝ, චිත්‍රපට ආදිය නොතිබුණි. පහසුවෙන් ලබා ගත හැකි විනෝදාශ්වාද වූයේ පුවත් පත් හා පොත් පත්ය.ගුවන් විදුලිය හා චිත්‍රපට නොතිබුනා නොවේ…එහෙත් ඒවාට ඉඩ ලැබුනේ ඉතා කලාතුරකිනි.
මේ නිසා අපි කුඩා කාලයේ පටන්ම කියවීමට පුරුදු වූයෙමු. මුලදී අපට කියවීම තරමක් දුෂ්කර දෙයක් වූ නමුත්.. සමහර වදන් තේරුම් ගත නොහැකි වූ නමුත් … කල් ගත වීමේදී එබඳු අපහසුතා මග හැරී ගියේය.
ටික කලෙකින්ම මම ඉතා වේගයෙන් කියවන්නෙක් වීමි. මම එ කල කොපමණ පොත් කියවීම් ද යත්, මට පංතියේ ළමෝ පොත් ගුල්ලා යනුවෙන් නමක් ද පටබැඳ තිබුණි.
මා මේ තරම් පොත් වලට ඇබ්බැහි වීමට තවත් විශේෂ හේතුවක් ද තිබුණේය. එනම් කෙල්ලන්ගේ ආශ්‍රයෙන් මා ඉවත් වී සිටීමයි.ඇත්තම කීවොත්,
මාව ආශ්‍රයෙන් ඉවත් කලේ ඔවුන් විසිනි. මම කොතරම් උන්ට ආසා කලත්,ඔවුන් සමග මිත්‍රශීලිව කටයුතු කිරීමට උත්සාහ කලත්, ඔවුහු මාව කොන් කලහ.
මා කුඩා කාලයේ ඉතාම අවලස්සන,අසෝබන පෙනුමකින් යුතු වීම ඊට හේතුව විය හැකිය. කීප වරක්ම කෙල්ලන් අතින් ලැජ්ජාවට පත් මා… ඉබේටම වාගේ පොත පත දෙසට ම නැඹුරු වී ගියෙමි.
මගේ අනිකුත් යහලුවන් මිතුරියන් සමග විහිලු තහලු කරමින් විනෝද වෙද්දී මා කළේ පොතක් බදාගෙන එය කියවීමය.
මේ නිසා අනෙකුත් අයහට නොමැති වූ අති විශාල ලොවක් මා ඉදිරියේ විවෘත වී ගියේය.

ඉතිරිය ලබන සතියේ……

හේමන්තා සමරකෝන්.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS
read comments

මගෙ කුමර දිවිය.

මම මේ බ්ලොග් එකක් ලියන්නෙ ප්‍රථම වතාවටයි… මගේ කුමර දිවිය යනු කුඩා කල සිට මට මේ දක්වා සිදු වූ රසවත් /නීරස /ඇබැද්දි/ කළ ගොන්කම්/ සහ මෝඩකම් ආදිය පිලිබඳ විස්තරයි.
ඒවා ඉදිරියේ දී හැකි විදිහට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

ස්තූතියි.

හේමන්තා සමරකෝන්.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS
read comments

Hello world!

myblog.lk වෙත සාදරයෙන් පිළිගනිමු. මේ ඔබේ පළමු ලිපියයි. එය මකාදමන්න, නැතිනම් එය සංස්කරණය කර බ්ලොග්කරණය අරඹන්න!

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS
read comments